Sunday, December 5, 2010

කුළුදුල් පෙරවදන

සඳ ගිමන් නිවා සුදු වළාකුලක වැතිරී
දුක් කවක් කියනවා අදරයට නොනිමී
ඒ සඳට වඩා තනි තරුවක් ගැන දනිමී
ඒ තරුව මමයි නිති නුඹටම තනි රකිමී

සඳ වගෙ ඇවිත් රෑ පිනි පලසෙහි පිපුනු
නුඹ පිච්ච මලයි මට තනිය පුරා පිපුනු
දුර තනිව හිඳින මට සුවය සදා සුමුදු
මතු භවෙන් භවෙ ඔබ මගෙම වෙලා හිඳිනු

ළන් වෙන්න වරම් ඇත නෙළා ගන්න තහනම්
මල් සුවඳ පමනි මට උරුම උනේ තව නම්
මගෙම වෙලා යළි ඉපදෙන්නට හැකි නම්
මතු උරුම නොවේ මේ ආදරයට සරදම්...

2 comments:

Mo said...

Love u peeko... <3

Deepak said...

<3 u too mo

Post a Comment